Friday, April 13, 2018
චුම්භකත්වය පාඩම සරලව ඉගෙනගමු...

ඔයගොල්ලො කලින් ලිවුව ලිපියට හොඳ ප්‍රතිචාර දක්වපු නිසා තව එක් දෙන්න කල්පනා කළා. මේකත් අරක වගේම මම ඉස්සර හදපු එකක්. ඒත් ඔයාලට යමක් ගන්න පුලුවන් වෙයි කියල හිතපු නිසයි දෙන්නෙ. අද දවස වෙද්දි බොහෝ දෙනා ටෙක් ගැන විවිධ කතා කියනව. මඩ ගහනව. අපි මොකටද ඔය මඩවලවල් වලට වැටෙන්නෙ... නේද...? අපි මේ වගේ ලිපි හොයල කියවල අපේ දැනුම වැඩි කරගෙන, යමක් කරල පෙන්නමු. ටෙක් ගැන ගොඩක් අයට ගොඩක් ගැටලු තියෙයි කියල මම දන්නව. ඉදිරියේ එන ලිපි වලින් ඒ ගැටලු ඔක්කොම දළමට ලිහල දෙන්නම් ඔයාලට. එතකන් මේ ලිපියත් කියවගෙන යමු. තියරි පාඩම් කරල විතරක් මදි. මේ පාඩම් වලට අදාල ගණං හොයාගෙන හදන්න. මමත් ඉදිරියෙදි ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර පන්තියක් (නොමිලෙ යන වැඩක්) කරන්න හිතන් ඉන්නව. ඒක වෙන්නෙ ඉතිම් ඔයාලගෙ ඉල්ලීම මත තමයි.
“දැන් එහෙනම් චුම්භකත්වය පැත්තට හැරෙන්නම්. චුම්භක කියන්නෙ අපි හැමෝම දැකල තියෙන දෙයක්නෙ. අපි පුංචි කාලෙ ඉඳන්ම විවිධ වයස් වලදි චුම්භක ගැන ඉගෙනගන්නව. ඒ ඉගෙනගත්තට වඩා ටිකක් එහාට ගියපු පාඩමක් මේ චුම්භකත්වය කියන්නෙ. චුම්භකත්වය ගැන පරිපූර්ණ දැනුමක් ගන්න නම් ඇත්තෙම්ම මේ ලිපිය ගැවෙන්නවත් මදි. අනිවා ඉදිරියෙදි මේ ලිපිය ගැනයි, කලිං ලියපු විදුලිය ලිපිය ගැනයි තව දුරටත් කරුණු දැක්වීම් කරන්නම්. එතකල් ඉවසං ඉමු. ,,
මතක ඇතුව කමෙන්ට් එකක් දාල ඔයාලගෙ අදහස් කියන්න. අපේ පේජ් එකට තාම ලයික් කරල නැත්නම් ලයික් කරන්න. ලින්ක් එක පහළ තියෙයි.
Techwaddo
පහළ ලින්ක් එකෙන් චුම්භකත්වය ලිපිය ගන්න. පිටු ලෝඩ් වෙන් නැති වුනොත් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරන්න. එතකොට වැඩ කරයි. ගැටලු තිබුනොත් කමෙන්ට් කරන්න. සුබ දවසක් ඔයාලට...
චුම්භකත්වය ලිපිය
ධාරාව පාඩමට පොඩි කුප්පියක්...

ධාරාව පාඩම මුල ඉඳන් තේරුම්ගත්තොත් ඒ තරම් අමාරු පාඩමක් නෙවෙයි. ධාරාව පාඩම ගැන කියන්න කලින් මම අපේ මේ අලුත් වැඩපිළිවෙල ගැන කියන්නම්. Tech කිවුවම මේ දවස්වල ගොඩක් දෙනා කතා වෙන මාතෘකාවක් වෙලා තියෙයි කියල අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. ඇත්තෙම්ම දැන් ටෙක් මඩ පාරාදීසයක් වෙලා. හැම පැත්තෙන්ම මඩ ගහනව. ඒත් අපි මඩ නාන්න ඕනිද...??? නෑනේ... කෝමින් කෝමින් හරි මේ පේජ් එක ගොඩදාගන්න පාර කපන් යනව ඕං... ඒ ඉතිම් මට මොකුත් ලබාගන්න නෙවෙයි. ටෙක් කරපු අපි ටෙක් වෙනුවෙන් යමක් කරන්න ඕනි නිසා. පේජ් එකක් ජනප්‍රිය වුනා කියල ටෙක් වලට වෙන සෙතක් නෑ. අන්න ඒ නිසයි ඔයාලව දැනුපින් පිරිච්ච තාක්ෂණවේදියො පිරිසක් කරන්න හිතන් ලියන්න හිතුවෙ. ඒනම් මේ පළවෙනි ලිපිය නෙවෙයි. මේ බින්දු වෙනි ලිපිය...! ඇත්තෙම්ම මේක ලියුවෙ පරීක්ෂණාත්මක ලිපියක් විධියට. විද්‍යුතය ගැන මම ඉස්කෝලෙ 12 වසරෙ ඉන්න කාලෙ ආතල් එකට හදපු ටියුට් එකක් මේකෙ තියෙයි. වැරදි තිබුනොත් කමෙන්ට් කරන්න. ගන්න පුලුවන් දෙයක් තියෙයි නම් ගන්න. 1 වෙනි ලිපියෙ ඉඳන් ඉතාමත් නිවැරදි විධියට සකස් කරපු A to Z පාඩම් මාලාවක් ඔයාලට අරං එන්නම්. එතකන් අපේ පේජ් එකත් එක්ක ඉන්න. Techwaddo පහත තියෙන ලින්ක් එකෙන් ටියුට් එක අරගන්න... විද්‍යුතය නිබන්ධනය
Subscribe to:
Comments (Atom)
Dumith sir's design 😊
Click here for job
-
Click here for job