අරළුවා
Thursday, November 22, 2018
Friday, April 13, 2018
තාක්ෂණවේදය විෂය ධාරාව ඇත්තටම මොකටද...?
ඕනෑම දෙයක් කරන්න කලින් ඒ කරන්න යන දේ ගැන ප්‍රමාණවත් දැනුමක් ලබාගෙන තිබීම ඇත්තෙම්ම වැදගත් දෙයක්. අන්න ඒ නිසාම මේ ලිපිය සකසන්න හිතුවෙ ටෙක් කරන්න ඉන්න, ඒ වගේම ටෙක් ගැන නොදන්න ඔබ වෙනුවෙන්.
තාක්ෂණවේදය විශයධාරාව ලංකාවට හඳුන්වා දෙන කාලෙ අපේ ලංකාවෙ ඉඳපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවියට කරපු ප්‍රකාශයක් ඇසුරින් තමයි මේ ලිපිය සැකසෙන්නෙ. “1815න් පසු ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය පැවති අතර එය ඉතා සීමිත වරප්‍රසාද හිමි පන්තියට පමණක් හිමි වූ අතර හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, අනගාරික ධර්මපාලතුමා ඇතුළු පිරිස බෞද්ධ පාසල් ඇති කරමින් අධ්‍යාපනයේ පළමු හැරවුම නිර්මාණය කළ අතර නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමෙන් මධ්‍ය මහා විද්‍යාල 54ක් ඇති කරමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා අධ්‍යාපනයේ දෙවැනි හැරවුම නිර්මාණය කළා. එසේම තෙවන හැරවුම පාසල් රජයට පවරා ගැනීමෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිදු කළා. මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම කේන්ද්‍රීය අරමුණ සාක්ෂාත් කර ගනිමින් අධ්‍යාපනයේ හතරවැනි හැරවුමක් දැන් සිදු වෙනවා. උපනූපන් දරුවන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් අධ්‍යාපනය තුළින් ඇති කිරීම අධ්‍යාපන හැරවුම් මඟින් සිදු වනවා. අතීතයේ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාවලින් පිටවන්නේ රැකියාවක් අතැතිවයි. එවකට විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් ලබාගෙන තම ගමට පැමිණෙන විට පිළිගැනීමේ උත්සව පවා සංවිධානය කර තිබූ බව අපට ඉතිහාසයෙන් කියා දෙනවා. නමුත් වර්තමානය වන විට එහි අවාසනාවන්ත තත්ත්වයක් දක්නට ලැබෙන අතර උපාධිය ලබාගෙන රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ලියාපදිංචි වීම සඳහා අයදුම්පත්‍රයක් රැගෙන තම ගම්බිම් බලා යනවා. අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොමැති වීම හා රැකියාවට සුදුසු අධ්‍යාපනයක් නොමැති වීම එයට හේතු වී තිබෙනවා. මෙහිදී අධ්‍යාපන ක්රමයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් නව තාක්ෂණික විෂය ධාරාවක් උසස් පෙළට එකතු වන අතර ඒ තුළින් පුළුල් පරාසයක් තුළ සිසුන්ට තම සහජ දක්ෂතා අනුව ගමන් කිරීමට මං විවරවෙනවා. මෙය ලාංකේය අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී හැරවුමක් වන්නේ ඒ නිසා. ,,උසස් පෙළ සඳහා තාක්ෂණවේදි ධාරාව ආරම්භ කිරීමට හේතුව
මෙම තාක්ෂණික විෂය ධාරාව හඳුන්වාදීමට හේතු කිහිපයක් මුල් වී තිබෙන අතර ප්‍රධාන වන්නේ තිබෙන රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීමයි. මේ වන විට උසස් පෙළට විද්‍යා, ගණිත විෂය ධාරාව සඳහා එක්වන පිරිස 21%ක්,වාණිජ27%ක් කලා 52%ක් වේ.මේ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා කලා විෂය ධාරාව හදාරණ සිසුන්ට සුදුසු රැකියා නොමැති වීම හේතුවෙන් රැකියා විරහිත පිරිස වැඩි වේ.මෙම ප්‍රතිශතයන් වෙනස් කරමින් රැකියාවට සුදුසු වෘත්තිකයන් බිහි කිරීම අරමුණ කර ගෙන 2016 වන විට උසස් පෙළ සඳහා විද්‍යා ගණිත තාක්ෂණ විෂය ධාරාව 40% දක්වා හා වාණිජ විෂය ධාරව 35% දක්වා ඉහළ නැංවීම හා කලා විෂය ධාරාව හදාරණ පිරිස 25% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරයි.මීට සමගාමීව පරිගණක සාක්ෂරතාව විෂය 75% දක්වා ඉහළ මට්ටමට ගෙන ඒම ද සිදු වේ.මීට අමතරව ගණිත විද්‍යා විෂයන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී සම්මාන නොමැති වීම නිසා වැඩි පිරිසක් කලා විෂය ධාරාව තෝරා ගැනීමට යොමු වේ.මෙම තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා ගණිත විෂයන් සමත් වීම හා අනෙකුත් විෂයන් සඳහා සම්මාන 3ක් ප්‍රමාණවත් වීම තුළින් කලා විෂය ධාරාව සඳහා යොමු වන පිරිස අඩු කර ගැනීමට හැකි වේ. වරප්‍රසාද නොලද පන්තියට අධ්‍යාපනය ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොයෙක් බාධක මැද අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බවට පත් කරලීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කරගනිමින් නිදහස් අධ්‍යාපනය හිමිකර දුන්නා. එහිදී මධ්‍ය විද්‍යාල 54ක් ඉදි කළ අතර ඒ පාසල් තුළ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා පිටියක්, නැටුම් ගැයුම් සංගීත යනාදී රංගන කුසලතා කාමරයක්, වඩු වැඩ කාමරයක්, ලෝහ වැඩ කාමරයක්, ඉලෙක්ට්‍රොනික්, විදුලිය පිළිබඳ අධ්‍යයන සඳහා වෙනම ස්ථාන එම පාසල්වල ස්ථාපිත කළා. එහිදී විද්‍යා, ගණිත, වාණිජ යන කුමන විෂයක් හැදෑරුවත් මෙම අත්කම් වැඩ ද ඉගෙන ගත යුතුයි. ඒ අනුව පාසලෙන් පිටව යන දරුවන් ඔවුන්ගේ දක්ෂතා අනුව කුමන හෝ අංශයකින් තම නිපුණතා වර්ධනය කරගත්තා. නමුත් 1977 දී එක් වූ විවෘත ආර්ථික ප්රතිපත්තියත් සමඟ දේශීයත්වය ගිලිහී ගිය අතර අධ්‍යාපන ක්‍රමය ද වෙනස් වුණා. ඒ අනුව අතීතයේ එසේ වුවත් වර්තමානයේ තිබෙන රැකියාවන් සඳහා පිරිස් ගොඩගැනීම සඳහා තාක්ෂණයත් සමඟ අධ්‍යාපනය ගමන කළ යුතු බව මේ වන විට සමාජ පරිසරය තුළ දක්නට ලැබෙනවා. නවීන තාක්ෂණයත් සමඟ ඉදිරියට යමින් අධ්‍යාපනයේ නව හැවුරම් ලක්ෂයක් නිර්මාණය කිරීමට තමයි තාක්ෂණවේදය විෂය ධාරාව ආරම්භ කළේ...ටෙක් ගැන තවත් දේවල් අරන් එන්නම් තවත් ලිපියකින්. එතකන් ඉන්න අපිත් එක්කම...
ඔබට සුබ දවසක්... මූලාශ්‍ර : https://goo.gl/oHikmKචුම්භකත්වය පාඩම සරලව ඉගෙනගමු...

ඔයගොල්ලො කලින් ලිවුව ලිපියට හොඳ ප්‍රතිචාර දක්වපු නිසා තව එක් දෙන්න කල්පනා කළා. මේකත් අරක වගේම මම ඉස්සර හදපු එකක්. ඒත් ඔයාලට යමක් ගන්න පුලුවන් වෙයි කියල හිතපු නිසයි දෙන්නෙ. අද දවස වෙද්දි බොහෝ දෙනා ටෙක් ගැන විවිධ කතා කියනව. මඩ ගහනව. අපි මොකටද ඔය මඩවලවල් වලට වැටෙන්නෙ... නේද...? අපි මේ වගේ ලිපි හොයල කියවල අපේ දැනුම වැඩි කරගෙන, යමක් කරල පෙන්නමු. ටෙක් ගැන ගොඩක් අයට ගොඩක් ගැටලු තියෙයි කියල මම දන්නව. ඉදිරියේ එන ලිපි වලින් ඒ ගැටලු ඔක්කොම දළමට ලිහල දෙන්නම් ඔයාලට. එතකන් මේ ලිපියත් කියවගෙන යමු. තියරි පාඩම් කරල විතරක් මදි. මේ පාඩම් වලට අදාල ගණං හොයාගෙන හදන්න. මමත් ඉදිරියෙදි ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර පන්තියක් (නොමිලෙ යන වැඩක්) කරන්න හිතන් ඉන්නව. ඒක වෙන්නෙ ඉතිම් ඔයාලගෙ ඉල්ලීම මත තමයි.
“දැන් එහෙනම් චුම්භකත්වය පැත්තට හැරෙන්නම්. චුම්භක කියන්නෙ අපි හැමෝම දැකල තියෙන දෙයක්නෙ. අපි පුංචි කාලෙ ඉඳන්ම විවිධ වයස් වලදි චුම්භක ගැන ඉගෙනගන්නව. ඒ ඉගෙනගත්තට වඩා ටිකක් එහාට ගියපු පාඩමක් මේ චුම්භකත්වය කියන්නෙ. චුම්භකත්වය ගැන පරිපූර්ණ දැනුමක් ගන්න නම් ඇත්තෙම්ම මේ ලිපිය ගැවෙන්නවත් මදි. අනිවා ඉදිරියෙදි මේ ලිපිය ගැනයි, කලිං ලියපු විදුලිය ලිපිය ගැනයි තව දුරටත් කරුණු දැක්වීම් කරන්නම්. එතකල් ඉවසං ඉමු. ,,
මතක ඇතුව කමෙන්ට් එකක් දාල ඔයාලගෙ අදහස් කියන්න. අපේ පේජ් එකට තාම ලයික් කරල නැත්නම් ලයික් කරන්න. ලින්ක් එක පහළ තියෙයි.
Techwaddo
පහළ ලින්ක් එකෙන් චුම්භකත්වය ලිපිය ගන්න. පිටු ලෝඩ් වෙන් නැති වුනොත් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරන්න. එතකොට වැඩ කරයි. ගැටලු තිබුනොත් කමෙන්ට් කරන්න. සුබ දවසක් ඔයාලට...
චුම්භකත්වය ලිපිය
ධාරාව පාඩමට පොඩි කුප්පියක්...

ධාරාව පාඩම මුල ඉඳන් තේරුම්ගත්තොත් ඒ තරම් අමාරු පාඩමක් නෙවෙයි. ධාරාව පාඩම ගැන කියන්න කලින් මම අපේ මේ අලුත් වැඩපිළිවෙල ගැන කියන්නම්. Tech කිවුවම මේ දවස්වල ගොඩක් දෙනා කතා වෙන මාතෘකාවක් වෙලා තියෙයි කියල අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. ඇත්තෙම්ම දැන් ටෙක් මඩ පාරාදීසයක් වෙලා. හැම පැත්තෙන්ම මඩ ගහනව. ඒත් අපි මඩ නාන්න ඕනිද...??? නෑනේ... කෝමින් කෝමින් හරි මේ පේජ් එක ගොඩදාගන්න පාර කපන් යනව ඕං... ඒ ඉතිම් මට මොකුත් ලබාගන්න නෙවෙයි. ටෙක් කරපු අපි ටෙක් වෙනුවෙන් යමක් කරන්න ඕනි නිසා. පේජ් එකක් ජනප්‍රිය වුනා කියල ටෙක් වලට වෙන සෙතක් නෑ. අන්න ඒ නිසයි ඔයාලව දැනුපින් පිරිච්ච තාක්ෂණවේදියො පිරිසක් කරන්න හිතන් ලියන්න හිතුවෙ. ඒනම් මේ පළවෙනි ලිපිය නෙවෙයි. මේ බින්දු වෙනි ලිපිය...! ඇත්තෙම්ම මේක ලියුවෙ පරීක්ෂණාත්මක ලිපියක් විධියට. විද්‍යුතය ගැන මම ඉස්කෝලෙ 12 වසරෙ ඉන්න කාලෙ ආතල් එකට හදපු ටියුට් එකක් මේකෙ තියෙයි. වැරදි තිබුනොත් කමෙන්ට් කරන්න. ගන්න පුලුවන් දෙයක් තියෙයි නම් ගන්න. 1 වෙනි ලිපියෙ ඉඳන් ඉතාමත් නිවැරදි විධියට සකස් කරපු A to Z පාඩම් මාලාවක් ඔයාලට අරං එන්නම්. එතකන් අපේ පේජ් එකත් එක්ක ඉන්න. Techwaddo පහත තියෙන ලින්ක් එකෙන් ටියුට් එක අරගන්න... විද්‍යුතය නිබන්ධනය
Subscribe to:
Comments (Atom)
Dumith sir's design 😊
Click here for job
-
Click here for job